Science News එක්සත් රාජධානිය අවසන් ගල් අඟුරු බලාගාරයත් වසා දමයි SathyaOctober 1, 20240203 views එක්සත් රාජධානියේ ක්‍රියාකාරී ව තිබූ අවසන් ගල් අඟුරු බලාගාරයත් වසා දමන්නට පියවර ගෙන තිබෙනවා. ඒඑරට පිරිසිදු බලශක්ති නිෂ්පාදනය වෙත යොමු වීමේ තවත් පියවරක් ලෙසයි. මෙලෙස විදුලි උත්පාදනය නවතා දැමූ, නොටිංහැම්හි පිහිටි Ratcliffe-on-Soar ගල් අඟුරු විදුලි ජනන බලාගාරය වසර 57ක් අඛණ්ඩ ව බලශක්තිය උත්පාදනය කළා. බ්‍රිතාන්‍යය තුළ මුල් ම ගල් අඟුරු බලාගාරය ඉදි වන්නේ 1882 දීයි. ඒ අනුව Ratcliffe-on-Soar බලාගාරය වසා දැමීමත් සමඟ බ්‍රිතාන්‍යය තුළ වසර 142ක් පුරා පැවති ගල් අඟුරු බලශක්ති උත්පාදන යුගයේ සමාප්තිය සටහන් වනවා. මේ තීරණයත් සමඟින් බලශක්ති උත්පාදනය සඳහා ගල් අඟුරු යොදා ගැනීම මුළුමනින් ම විශ්‍රාම යැවූ ප්‍රථම G7 රාජ්‍යය බවට එක්සත් රාජධානිය පත් වනවා. කලක් එක්සත් රාජධානියේ බලශක්ති සැපයුම කෙරෙහි වැඩි ම දායකත්වය සැපයූවේ ගල් අඟුරු බලාගාරයි. 2012 දී එරට බලශක්ති සැපයුමෙන් 39%ක් එය මත රඳා පැවතියා. කෙසේ නමුත් මෑතකාලීන ව රජය පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර කෙරෙහි වැඩි අවධානය යොමු කිරීමත් සමඟ එම අගය සැලකිය යුතු අන්දමින් අවමයක් කරා පහළ බැස්සා. සංඛ්‍යා ලේඛණ පෙන්වා දෙන පරිදි 2019 වන විට මුළු බලශක්ති සැපයුමට ගල් අඟුරු බලාගාරවලින් එක් වන බලශක්ති ප්‍රතිශතය වාර්තා වූයේ 2%ක් ලෙසයි. Interesting Engineering ඇසුරෙනි. සෞන්දර්ය සෙනරත්