අඟහරු ගවේෂණයට යවා ඇති NASA ආයතනයේ InSight ලෑන්ඩරය අඟහරුගේ අභ්‍යන්තරය ගැන අවබෝධය ලබා ගන්නට දක්වන මෙහෙය අති විශිෂ්ඨයි. InSight ලෑන්ඩරය අඟහරු ග්‍රහයා තුළ සිදු.වන භූ කම්පන ගැන නිරන්තරයෙන් ඇහුම්කන් දෙමිනුයි සිටින්නේ. එහි සිදු වන භූ කම්පන කිහිපයක් ම මින් පෙර එය විසින් ග්‍රහණය කරගනු ලැබුවා. ඇති වූ භූ කම්පනයක තරංග අඟහරුගේ හරය තුළින් ගමන් ගන්නා අයුරු ප්‍රථම වතාවට ග්‍රහණය කරගන්නට එය සමත් වූ බව නවතම වාර්තා සඳහන් කරනවා. මෙම තරංග අධ්‍යයනය කිරීම මඟින් අඟහරුගේ හරයේ සංයුතිය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගන්නට විද්‍යාඥයන් සමත් ව තිබෙනවා. ඒ අනුව පෙනී යන්නේ එහි හරය අති විශාල ප්‍රතිශතයකින් යුතු සල්ෆර් සහ ඔක්සිජන් මිශ්‍ර ව පවතින යකඩ මිශ්‍ර ද්‍රව ලෝහයකින් සමන්විත බවයි.
“1906 දී විද්‍යාඥයන් පෘථිවියේ හරය ගවේෂණය කළේ භූ කම්පන මඟින් ඇති වන තරංග හරය තුළින් ගමන් කරන විට ඒවායේ සිදුවන වෙනසකම් අධ්‍යයනය කිරීම මඟින්. වසර සියයකටත් පමණ පසු මේ ක්‍රමය ම යොදාගෙන InSightගේ සහාය ඇති ව භූ කම්පන තරංග ගැන අපි දන්නා දේ අගහරුටත් ආදේශ කරනවා.” එසේ පවසන්නේ ඇමරිකාවේ මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ භූ විද්‍යාඥ Vedran Lekic.
භූ කම්පනයක් යනු කුමක් හෝ වස්තුවක් අභ්‍යන්තරයේ සිදු වන පොළොව සෙලවීමක් පමණක් නොවෙයි. භූ තරංග ‘ශ්‍රව්‍යමය එක්ස් කිරණ ඡායාරූපයක්’ සේ යොදාගත හැකි තැනට අද වන විට තාක්ෂණය පත් ව තිබෙනවා. භූ තරංග ඒවායේ ජනන ලක්ෂ්‍යයේ සිට පිටතට ඇදී ඒමට පෙර අදාළ ග්‍රහයාගේ, උපග්‍රහයාගේ හෝ තරුවේ විවිධ පැතිකඩ ඔස්සේ ඇදී යනවා. ඒවා ඇදී යාමත් සමග ඇති වන පරාවර්තනයන් මඟින් විද්‍යාහයන්ට අභ්‍යන්තරය සිතියම් ගත කිරීමට හැකියාව ලැබෙනවා.
InSight අඟහරු මත ගත කළ කෙටි කාලය තුළ අඟහරු කම්පන සිය ගණනක් ග්‍රහණය කරගන්නට සමත් වුණා. එනිසා අඟහරුගේ ඇතුළාන්තය ගැන කරුණු අනාවරණය කරගැනීමේ දොරටු විවර වුණා.
පෘථිවියේ හරය භාහිරයෙන් ද්‍රව ලෙස පැවතියත් අභ්‍යන්තර හරය ඝන ලෙසත් ඊටත් ඇතුළතින් ඇති හර ස්ථරය අධික ඝනත්වයකිනුත් යුක්ත වනවා. නමුත් InSightගේ ඇහුම්කන් දීම්වලින් පැහැදිලි වන්නේ අඟහරුගේ හරය මුළුමනින්ම පාහේ ද්‍රව ස්වභාවයකින් යුතු බවයි. එනම් රතු ග්‍රහයාගේ හරය පෘථිවියේ හරයට වඩා අතිශයෙන් ම ඝනත්වයෙන් අඩුයි.
අඟහරුට චුම්භක ක්ෂේත්‍රයක් නැහැ. නමුත් පෘථිවියට තිබෙනවා. එයට ප්‍රධානතම හේතුවක් වන්නේ පෘථිවිය සතු හරයයි. ඒ අනුව අඟහරු සතු ව සුරැකි ව පවතින වායුගෝලයක් මෙන් ම චුම්භක ක්ෂේත්‍රයක් ද නැති වීමට හේතුව තවදුරටත් පැහැදිලි වනවා.
Science Alert ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්