තාක්ෂණයේ විස්තාරනයත් සමග කෘත්‍රිම බුද්ධි යෙදවුම්වල ආගමනය මේ වන විට විවිධ අංශ කෙරෙහි බලපා තිබෙනවා. කෘත්‍රිම බුද්ධිය මගින් නිර්මාණය වන සිතුවම් දෙස මුළු ලොව ම විස්මයෙන් බලා සිටින අතරේ කෘත්‍රිම බුද්ධි යෙදවුම් භාවිතයෙන් නිපැයෙන චිත්‍රපටයක් ගැන ද වාර්තා වනවා. විද්‍යා ප්‍රබන්ධ ශානරට අයත් වන එහි නම වන්නේ SALT.
ජර්මානු ජාතික ව්‍යවසායකයෙකු වන මෙහි අධ්‍යක්ෂ Fabian Stelzer පවසන්නේ ඔහු මේ සඳහා 70 දශකයේ පැරණි පෙනුමක් ලබා දෙන්නට උත්සුක වන බවයි. MidJourney, DALL-E2 සහ Stable Diffusion වැනි කෘත්‍රිම බුද්ධි පාදක චිත්‍රණ වැඩසටහන් භාවිතයෙන් මෙහි දෘශ්‍ය අන්තර්ගතයත්, චරිතවල කටහඬත් නිර්මාණය කෙරෙන බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ. මෙවැනි වැඩසටහන් භාවිතයෙන් වචන කිහිපයක විස්තරයක් යතුරු ලියනය කිරීමෙන් පමණක් ම පරිශීලකයාට අවැසි සිතුවම අන්දවා ගත හැකියි. මේ සිතුවම් විශාල ගණනක් එකතු කරීමෙන් (Stack කිරීමෙන්) එය චිත්‍රපටියක් දක්වා වර්ධනය කරගත හැකියි. කෘත්‍රිම බුද්ධි පාදක සිතුවම් අඳින වැඩසටහන්වලට තවමත් සිතුවම් සියුම් ලෙස චිත්‍රපටියක් දක්වා වර්ධනය කළ නො හැකියි. මේ නිසා SALT චිත්‍රපටයත් ඇතැම් අවස්ථාවල දී පැරණි කාටූන් මෙන් ‘පැන පැන දුවන ගතියක්’ පෙන්විය හකියි. ඇතැම් දර්ශනවල චලනයන්ගෙන් තොර රූපයක් පමණක් දිස්විය හැකියි.
චිත්‍රපටයේ කතා තේමාව දිව යන්නේ අජටාකාශගාමී කණ්ඩායමකට හමුවන අසාමාන්‍ය ගති ලක්ෂණවලින් යුතු ලුණු විශේෂයක් වර්ධනය වන ග්‍රහලෝකයක් පදනම් කරගෙනයි. මේ තේමාවට හානියක් නො වන පරිද්දෙන් ප්‍රේක්ශකයන්ට කැමැති ආකාරයට කතාව වෙනස් කිරීමටත් අධ්‍යක්ෂක Fabian අවස්ථාව සලසා දෙන්නට සූදානමින් පසුවනවා. ෙබාහෝ විට තමාට කැමැති ආකාරයට දිව යන ‘Director’s Cut’ සංස්කරණයකුත්, ප්‍රේක්ශකයන්ගේ රුචිය පරිදි තැනූ ‘Community Cut’ සංස්කරණයකුත් නිකුත් වනු ඇතැයි ඔහු සඳහන් කරනවා. දැනට ඔහු තම නිර්මාණයේ ප්‍රචාරණ පට කිහිපයක් ට්විටර් ඔස්සේ ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා. මේ වන විට ඊට හොඳ ප්‍රේක්ශක ප්‍රතිචාර ලැබෙමින් තිබෙන බවයි ඔහු පවසන්නේ.
වර්ථමානයේ නිෂ්පාදනය වන ප්‍රධාන පෙළේ චිත්‍රපටවලට ද කෘත්‍රිම බුද්ධි යෙදවුම් නන් අයුරින් සහයෝගය දැක්වූවත් සම්පූර්ණ අන්තර්ගතය ම කෘත්‍රිම බුද්ධිය උපයෝගී කරගෙන නිපැයෙන මුල් ම සිනමා නිර්මාණය මෙය ලෙස හැඳුන්වා දිය හැකියි.
Futurism ඇසුරිනි.
-සත්‍ය හෙට්ටිආරච්චි