Home Science News වාතයේ පාවෙමින් ලිස්සා ගිය ලොව පැරණිතම උරගයා හඳුනා ගැනෙයි.

වාතයේ පාවෙමින් ලිස්සා ගිය ලොව පැරණිතම උරගයා හඳුනා ගැනෙයි.

by cmadurawala

පියාඹීම ( Flying ) හැර වාතය තුළින් සතුන් සංචරණය කරන අනෙක් ක්‍රමය වාතයේ පාවෙමින් කරන ලිස්සා යාමයි. ( Gliding ).

ඒ අනුව වාතයේ පාවෙමින් ලිස්සා ගිය ලොව පැරණිම උරගයා පිළිබඳව අද සැප්තැම්බර් 9 සිකුරාදා දින Journal of Vertebrate paleontology ජර්නලය එළිදරව් කරනව.

Coelurosauravus elivensis නම් වඳවී ගිය උරග විශේෂයට අයත් මෙම ෆොසිල මුලින්ම සොයාගෙන තිබෙන්නෙ 1907 වසරෙදි, නිරිතදිග මැඩගස්කරයෙන්.

මිනිස් අතකට ආසන්න වන අඟල් 4ක් එනම් සෙන්ටිමීටර් 10ක් පමණ දිගැති මෙම උරගයා වසර මිලියන 260කට ඉහත සිට වසර මිලියන 252 කට ඉහත දක්වා පැවති පසු ප’මියන් අවදියේ විසූ සත්වයෙකු වෙනව.

ඌ පෙනුමෙන් කටුස්සෙකුට සහ සමනලයෙකුට අතරමැදි වන රූපාකාරයක් තිබුණු උරගයෙක්.

මෙම නව අධ්‍යයනය සිදු කර තිබෙන්නෙ ප්‍රංශයේ පැරිසියේ පිහිටි ස්වාභාවික ඉතිහාසය පිළිබඳ ප්‍රංශයේ ජාතික කෞතුකාගාරයේ පර්යේෂකයන් විසිනුයි.

මේ උරගයන්ට වාතයේ පාවෙමින් ලිස්සා යාමට උදව් වී ඇත්තේ බඳ දෙපැත්තේ සිට පූර්ව ගාත්‍රා දක්වා වැඩුණු Patagial නමින් හඳුන්වන බැඳි පටල යුගලක්.

එමගින් ඔවුනට එක් ගස් මුදුනක සිට වෙනත් ගස් මුදුනකට පාවී යා හැකිව තිබෙනව.

මෙම උරගයන් විසූ වනාන්තර අයත් පරිසර පද්ධතියේ ශාක වියන් එකිනෙකට සමීපව පිහිටීමෙන් ඒවා අතර ඉඩක් නොතිබුණු තරම්.
මේ නිසා ඔවුන්ට විලෝපීන් බහුලව සිටි බිම මතට නොපැමිණ ගසින් ගසට වාතය තුළින් පාවෙමින් ලිස්සා යාම සිදුකර තිබෙනව.

” Coelurosauravus elivensis ගස් වල කඳන් මත හොඳින් ඉහළට හා පහළට යාහැකි දක්ෂ ගස් නගින්නෙක්. එනිසාම ගස් හා අතු අතර පනිමින් වගෙම වාතය හරහා ලිස්සා පාවෙමින් යාමට ඔවුන්ට පුලුවන් වුණා. “
ඉහත ජර්නලයේ අද පළ කර ඇති අධ්‍යයන වාර්තාවේ ප්‍රධාන කතුවර ස්වාභාවික ඉතිහාසය පිළිබඳ ප්‍රංශයේ ජාතික කෞතුකාගාරයේ සහ පාෂාණිධතු විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානයේ පාෂාණිධාතු විද්‍යාඥ, Valentin Buffa එසේ පවසා තිබෙනවා.

Live Science ඇසුරෙනි
ප්‍රේමශාන්ත කුමාරසිරි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications