බොහෝ අය මොබයිල් ඇප් බාගත කිරීමේ දී පෞද්ගලික හා ආරක්ෂක විශේෂාංග(Privacy and security features) කියවා තේරුම් නො ගෙන එකඟතාව පළ කර ඇති බවBath විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය මෑතක දී සිදු කළ අධ්‍යයනයකින් පෙන්වා දෙනවා.
විශේෂයෙන් ම, ස්මාර්ට්ෆෝන් භාවිතා කරන්නන්ගෙන්43%ක් ම—App tracking˜ යනුවෙන් අදහස් කරන්නේ කුමක් දැයි නො දන්නා බවයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.
App tracking කියන්නෙ විවිධ සමාගම් සිය වෙළඳ දැන්වීම්, ස්මාර්ට්ෆෝන් භාවිතා කරන්නන් වෙත යවා ගැනීමට භාවිතා කරන විශේෂාංගයක්. නමුත් එය තමන් බාගත කරගත් ඇප් එකේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය බව හෝ පරිශීලකයාගේ අත්දැකීම වැඩි දියුණු කරයි කියා මිනිසුන් වරදවා වටහා ගෙන.
පර්යේෂකයන්ට අනුව පරිශීලකයන් එය වැරදිය ට තේරුම් ගැනීමට හේතුව, Tracking ක්‍රියාවලියේ දී ව්‍යාපාර විසින් භාවිතා කරන වදන් මාලාව අපැහැදිලි වීමයි. උදාහරණයක් ලෙස “අපගේ යෙදුම වඩාත් විශ්මිත කිරීමට අපි ඔබේ දත්ත භාවිතා කරන්නෙමු” යැයි පැවසූ විට, පරිශීලකයින් ඇප් වඩා හොඳින් ක්‍රියා කරන්නේ තමන්ගේ දත්තවලට ප්‍රවේශ වෙන්න ඉඩ දුන්නොත් බව උපකල්පනය කිරීම පුදුමයක් නෙමෙයි.
සහශ්‍රිකා දෙව්මිණි