Home Entertainmentප.නි.නි. නවශිලා යුගයෙත් චීස් කාලා

නවශිලා යුගයෙත් චීස් කාලා

by Sathya

පර්යේෂක කණ්ඩායමක් මධ්‍යම පෝලන්තයේ පිහිටි පුරා විද්‍යා ස්ථානයක සිදු කළ කැණීම් මඟින් සොයා ගත් නව ශිලා යුගයට අයත් මැටි භාජන පරික්ෂා කර බැලීමේ දී ඔවුන් ඒවයේ තිබී මුදවපු කිරිවල අවශේෂ සොයාගෙන තිබෙනවා. ඒ අනුව පර්යේෂකයන් විශ්වාස කරන්නේ නව ශිලා යුගයේ මිනිසා කිරි ආශ්‍රිත විවිධත්වයකින් යුතු නිෂ්පාදන සිදු කරන්නට ඇති බවයි.
මුදවපු කිරිවල ඇති ප්‍රෝටීන කොටස්, ප්‍රෝටියෝමික (Proteomic) දත්ත සටහන් සමග සැසඳීම මඟින් එකල චීස් නිපදවීම සඳහා සෙරමික් බඳුන් භාවිත කළ බවත් පහසුවෙන් හඳුනාගෙන තිබුණා.
“මේ අධ්‍යයනය මඟින් ලැබුණු ක්ෂීර අවශේෂ නූතන චීස්වලට අතිශය සමානකමක් දක්වනවා. මේ නිසා නව ශිලා යුගයේ මිනිසා කිරි මුදවා නිපදවන චීස් හෝ ඊට සමාන වෙනත් ආකාරයේ ආහාරයක් තනන්නට පුරුදු වෙලා තියෙන බව පේනවා” කේම්බ්‍රිජ් සරසවියේ පශ්චාද් උපාධි අපේක්ෂිකාවක මෙන් ම අධ්‍යයනයේ ප්‍රධාන කර්තෘ ද වන Miranda Evans පවසනවා.
නිව්යෝක්, කේම්බ්‍රිජ් සරසවි මඟින් මෙහෙයවන ලද මේ අධ්‍යයනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ York විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය Harry Robson කියා තිබුණේ, මධ්‍යම යුරෝපයේ සිටි පුරාතන කිරි ගොවීන් ගැන තේරුම් ගැනීමට මේ අධ්යණයනයෙන් රැස් කරගත් තොරතුරු වැදගත් බවයි.

සහශ්‍රිකා දෙව්මිණි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications