Home Entertainmentප.නි.නි. වෘක පැටවුනුත් මනුෂ්‍යයන්ට ලැදියි

වෘක පැටවුනුත් මනුෂ්‍යයන්ට ලැදියි

by cmadurawala

තම ස්වාමියාට ලැදියාව දැක්වීමේ ගුණය වෘකයන් සතු ව ද පවතින බව නවතම අධ්‍යයනයක් පෙන්වා දෙනවා. මේ අධ්‍යයනය මෙහෙයවන ලද්දේ Stockhoim විශ්වවිද්‍යාලයයේ Christina Hansen ඇතුළු පිරිසයි. මීට අදාළ නිබන්ධය Ecology and Evolutionහි නවතම කලාපයේ (සැප්තැම්බර්) පළ වනවා. මෙය තහවුරු කිරීමට පර්යේෂකයන් වයස දින 10ක් වූ බලු පැටවුන් 12ක් හා වෘක පැටවුන් 10ක් ඇතිදැඩි කළා. මොවුන්ගේ වයස සති 23 වන තුරු මොවුන් ව බලාගන්නට පුද්ගලයන් තිදෙනෙකුට බාරදුන්නා. පසුව සතුන් වෙන වෙන ම කාමරවලට දැමුවා. එසේ දමා මේ කාමරවලට වරින් වර විවිධ පුද්ගලයන් (බලාගත් අය හා අමුත්තන්) ඇතුළු කළා. එවිට පෙනී ගියේ බලු පැටවුන් සේ ම වෘක පැටවුන් ද තමන් හඳුනන අය වෙත ළං ව උඩුබුරමින් හා ලෙවකමින් ආදරය දැක්වූ බවයි. එසේ ම ආගන්තුකයන්ට මේ ආදර සැලකිලි නො ලැබී ගිය බවත් පෙනී ගියා. එසේ ම නො හඳුනන අමුත්තන් කාමර තුළට ඇතුළු වූ විට වෘක පැටවුන්ගේ ආතති තත්ත්ව ඉහළ ගිය බවත් පෙනී ගියා. මේ නිරීක්ෂණ වලින් පෙනී යන්නේ වෘකයන් ද බල්ලන් සේ ම දන්නා කියන මනුෂ්‍යයන්ට ලැදි බවත් යැයි පර්යේෂකයා පෙන්වා දෙනවා. මෙය බල්ලන් හා වෘකයන් අතර පරිණාමික බන්ධුතා පෙන්වා දෙන බව ද ඔහු වැඩිදුරට සඳහන් කරනවා.

මේ දත්ත උදව් කරගෙන ඉදිරියේ දී වෘක පැටවුනුත් හුරතලයට හදන තත්ත්වයට ගෙන ආ හැකි බව පර්යේෂකයන් පවසනවා.

– මනෝජ් රත්නායක

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications