දිනපතා කජු ආහාරයට ගැනීමෙන් දියවැඩියාව මර්දනය කිරීමේ හැකියාවක් පවතින බව නවතම අධ්‍යයනයක් පෙන්වා දෙනවා. එම අධ්‍යයනය මෙහෙයවා ඇත්තේ ඉරානයේ ටෙහෙරාන් වෛද්‍ය විද්‍යාලයයේ Reihaneh Darvish ඇතුළු පිරිසයි. Effects of Daily Consumption of Cashew On Oxidative Stress and Diabetes මැයෙන් වූ මේ අධ්‍යයනය පළ වී ඇත්තේ Endocrinology and Metabolism ජර්නලයේයි. මෙහි දී පර්යේෂකයන් කළේ දෙවැනි වර්ගයේ දියවැඩියාවෙන් පෙළෙන රෝගීන් 50ක් තෝරාගැනීමයි. ඔවුන් ගෙන් කොටසකට සති 8ක් තිස්සේ කජු ආහාර ලබා දීම කළා. එනම් මේ අයගේ කැලරිවලින් 10%ක් ම ලබා දුන්නේ කජුයි. ඉතිරි අය පාලක කණ්ඩායමක් ලෙස භාවිත කළ අතර කජු විශේෂයෙන් දුන්නේ නැහැ. ආහාර දීම ඇරඹූ දින සිට සති අටකට පසු මේ දෙපිරිසගේ ම බර, ප්ලාස්මා ග්ලුකෝස්, සමස්ථ ප්‍රතිඔක්සිකාරක ධාරිතාව (Anti Oxidant Capacity) ආදිය මැන්නා. එහි දී පෙනී ගියේ කජු දුන් අයගේ රුධිරයේ ඉන්සියුලින් ප්‍රමාණ සති අට අවසානයේ දී පහළ බැස තිබූ බවත් අහිතකර කොලෙස්ටරොල් ද පහළ බැස තිබූ බවත් ය. මෙයින් පෙනී යන්නේ කජු කෑම දියවැඩියාව මර්දනයට සුදුසු දෙයක් බව යැ යි පර්යේෂකයන් පවසනවා.
මනෝජ් රත්නායක